27th August 2021 12:45:45 Hours
යුද්ධ හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් -19 වෛරසය වැළැක්වීම සඳහා ජාතික ජංගම එන්නත්කරණ වැඩසටහන තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ලබාදුන් උපදෙස් මත ජංගම එන්නත්කරණ වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (24) දින ක්‍රියාවට නැංවිණි.
මෙලෙස ක්‍රියාවට නැංවු ජංගම එන්නත්කරණ වැඩසටහනේදී වවුනියාව දිස්ත්‍රික්කයේ ආබාධිත, අසනීප සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මෙන්ම වයෝවෘද්ධ පුද්ගලයින්ට ද ප්‍රමුඛත්වයක් මත එන්නත්කරණය සිදුකරන ලදී.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත කොළඹ ප්‍රදේශයේදී ආරම්භ කරන ලද ජංගම එන්නත්කරණ වැඩසටහන මේ වනවිට කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ගේ අනුපාතය ඉහළ මට්ටමක පවතින ප්‍රදේශ ආවර්ණය කරමින් ක්‍රියාවට නංවා ඇත.
වවුනියාව දිස්ත්‍රික්කයේ ආබාධිත සහ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත් කිරීමේ අරමුණින් ක්‍රියාවට නැංවු මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සිදුකරගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු භටපිරිස් සිය උපරිම සහයෝගය ලබාදුන්හ.
මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන් 21, 54, 56, 62 හා 65 වන සේනාංකවල සේනාංකාධිපතිවරුන් සහ ඒ යටතේ ස්ථාපිත බලසේනාවල බලසේනාධිපතිවරුන් හා ඒකක අණදෙන නිලධාරින්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාවට නැංවිණි.