Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2021 10:55:45 Hours

53 වන සේනාංකය ජංගම එන්නත්කරණ වැඩසටහනක් දියත් කරයි

යුද්ධ හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් -19 වෛරසය වැළැක්වීම සඳහා ජාතික ජංගම එන්නත්කරණ වැඩසටහන තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ලබාදුන් උපදෙස් මත ජංගම එන්නත්කරණ වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (24) දින ක්‍රියාවට නැංවිණි.

මෙලෙස ක්‍රියාවට නැංවු ජංගම එන්නත්කරණ වැඩසටහනේදී රත්තොට, බණ්ඩාරපොල, ලග්ගල සහ අඹන්ගහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශ ආවරණය කරමින් ආබාධිත, අසනීප සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මෙන්ම වයෝවෘද්ධ පුද්ගලයින්ට ප්‍රමුඛත්වයක් මත එන්නත්කරණය සිදුකරන ලදී.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත කොළඹ ප්‍රදේශයේදී ආරම්භ කරන ලද ජංගම එන්නත්කරණ වැඩසටහන මේ වනවිට කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ගේ අනුපාතය ඉහළ මට්ටමක පවතින ප්‍රදේශ ආවරණය කරමින් ක්‍රියාවට නංවා ඇත.

53 වන සේනාංක බලප්‍රදේශයේ ආබාධිත සහ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත් කිරීමේ අරමුණින් මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නංවන ලදී. එසේම, මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සිදුකරගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සහ 53 වන සේනාංකයේ භටපිරිස් සිය උපරිම සහයෝගය ලබාදුන්හ.