Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2021 19:27:52 Hours

කොවිඩ්-19 වෛරසය ආසාදිත භික්‍ෂුන් වහන්සේලාට ප්‍රතිකාර සිදුකිරීම සඳහා යුද්ධ හමුදා භටපිරිස්වල ශ්‍රමදායකත්වයෙන් නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, කොවිඩ්-19 වෛරසය ආසාදනය වු බෞද්ධ භික්‍ෂුන් වහන්සේලාට ප්‍රතිකාර සිදුකිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරනු ලබයි.

ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමිපාණන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමෙන් පසුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ගරු සුජීවා නෙල්සන් මැතිණියගේ ප්‍රධානත්වයෙන් යුත් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙනු ලබයි.

සියලුම වෛද්‍ය උපකරණ, ඖෂධ ගබඩා සහ දැඩි නිරික්‍ෂණ ඒකකයකින් (High Dependency Units) සමන්විත මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු භික්ෂූන් වහන්සේලා 84 නමකට එකවර නවාතැන්ගෙන ප්‍රතිකාර ලබාගැනිම සඳහා කාමර 45 කින් සමන්විතය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ගරු සුජිවා නෙල්සන් මැතිණිය සමගින් 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධිකරණ බ්‍රිගේඩියර් තුෂාර බාලසුරිය සහ තවත් නිලධාරින් කිහිපදෙනෙකු ඉකුත් බදාදා (25) දින නවතමයෙන් ස්ථාපනය කරනු ලබන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරික්‍ෂණ සංචාරයක නිරතවෙමින් එහි ප්‍රගතිය පිළිබඳ සොයාබැලීය.