28th August 2021 10:00:44 Hours
මානව හිමිකම් හා මානුෂීයවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 22 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් රසික කුමාර ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.
බ්‍රිගේඩියර් රසික කුමාර ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
මීට ප්‍රථම මානව හිමිකම් හා මානුෂීයවාදී නීති අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි කල මේජර් ජෙනරල් කිර්ති කෝට්ටේවත්ත යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව 213 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කල බ්‍රිගේඩියර් රසික කුමාර නව ධුරයට පත්විය.
සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති රාජකාරි භාරගැනීමේ උත්සවය සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු එක්ව සිටියහ.