Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2021 15:00:45 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල් 1000 කට වියලි සලාක පාර්සල් බෙදාදෙති

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංක මුලස්ථානයේ සම්බන්ධීකරණයෙන් වියලි සලාක පාර්සල් 1000 ක් පිරප්පන්මඩුව, මහකච්චිකොඩිය, නන්දිමිත්‍රගම, සැළලිහිණිගම, නාමල්ගම සහ විමන්කල්ලු ග්‍රාමයේ ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් වෙත ‘දෙරණ’ රූපවාහිනී නාලිකාවේ අනුග්‍රාහකත්වය ඇතිව බෙදාදෙන ලදී.

ඒ අනුව, දෙරණ රූපවාහිනී නාලිකාවේ මනුසත් දෙරණ වැඩසටහන මගින් ලබාදුන් එම වියලි සලාක පාර්සල්වල පළමු තොගය බෙදාදීම සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව අගෝස්තු මස 21 වන දින නන්දිමිත්‍රගම සහ පිරප්පන්මඩුව ප්‍රදේශයේදී සිදු කෙරිණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහ 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා ලබාදුන් උපදෙස් මත පැවැති මෙම වියලි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහන සඳහා 563 වන බලසේනාවේ බලසේනාධිපති කේ.පී.ඒ. පෙරේරා, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, 56 වන සේනාංකයේ හා 563 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.