28th August 2021 12:18:09 Hours
කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රදේශයේ පදිංචි ආචාර්ය චිත්‍රලේකා අබේසිංහ මහත්මිය සහ එම පවුලේ සාමාජිකයින් ඇතුළු ඥාතී හිතමිතුරන් විසින් ශ්වසන අවශ්‍යතා සහිත රෝගීන්ට කෘතිම ශ්වසනය ලබාදීම සඳහා ඉතා වටිනාකමින් යුත් රෙස්මෙඩ් ස්ටෙලර් 100 වර්ගයේ (Resmed Stellar 100) කෘතිම ශ්වසන යන්ත්‍රයක් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ කොවිඩ්-19 ප්‍රතිකාර ඒකකය වෙත පරිත්‍යාග කෙරිණි.
කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා අත්‍යාවශ්‍ය උපකරණයක් වන මෙම කෘතිම ශ්වසන යන්ත්‍රය කොළඹ යුද්ධ හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය බ්‍රිගේඩියර් ගීතිකා ජයවීරගේ සම්බන්ධීකරණයෙන් යුද්ධ හමුදා රෝහල වෙත පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාවට කොළඹ යුද්ධ හමුදා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් එස්. දොඩංගොඩ සහ යුද්ධ හමුදා රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කර්නල් චම්පිකා අබේසිංහ එක්ව සිටියහ.