Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2021 14:00:15 Hours

ආදී ආනන්දීයන් Multiparameter Monitor යන්ත්‍රයක් යුද්ධ හමුදා රෝහල වෙත පරිත්‍යාග කරයි

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාප්‍රාන්තයේ පදිංචි ආදී ආනන්දියන්ගේ සංගමය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකය වෙත රුපියල් 825,000 ක පමණ වටිනාකමින් යුත් Multiparameter Monitor යන්ත්‍රයක් පරිත්‍යාග කෙරිණි.

දිවයින පුරා කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සිදුකරනු ලබන කාර්යභාරය අගය කරමින් යුද්ධ හමුදා රෝහල වෙත මෙම පරිත්‍යාග සිදුකරන ලදී. එම යන්ත්‍රය රෝග විනිශ්චය සහ රෝගියා පිළිබඳ දත්ත ඇඟවීම නිරික්‍ෂණය කිරීමට උපාකරි වනු ඇත. Multiparameter Monitor යන්ත්‍රය මගින් වෛද්‍යවරයාට රෝගීයාගේ ඊ.සී.ජි, හෘද ස්පන්දනය, රුධිර පීඩනය, උෂ්ණත්වය ආදීයපරික්‍ෂා කිරීමට හැකියාව පවතී.

මෙම පරිත්‍යාගයකොළඹ යුද්ධ හමුදා රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කර්නල් චම්පිකා අබේසිංහ විසින් භාරගත්තේය.