Header

Sri Lanka Army

Defender of the Nation

27th August 2021 13:00:44 Hours

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් මස 6 දින දක්වා දීර්ඝ කෙරේ

කොවිඩ්-19 වෛරසයේ සිඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා 2021 අගෝස්තු මස 20 දින රාත්‍රී 10 සිට එළඹෙන සදුදා (30) දින අලුයම 4.00 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවු නිරෝධායන ඇඳිරිනීතිය අද (27) දින උදෑසන පැවැති ජනාධිපති කාර්යසාධක බලකායේ තවත් එක් සාකච්ඡාවකදී අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත 2021 සැප්තැම්බර් මස 6 වන දින අලුයම 4.00 දක්වා දීර්ඝ කර ඇත.

අත්‍යවශ්‍ය සේවාවන් වන ඖෂධ සැල් විවෘතව තැබීම, කෘෂිකාර්මික කටයුතු පවත්වාගෙන යෑම, ඇගලුම් කර්මාන්තය, අපනයන කටයුතු ආදී කර්මාන්තයන් සහ ව්‍යාපාරයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට නිරෝධායන ඇඳිරිනීති කාලසීමාව තුල අවසර ලබාදී ඇති බවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව ක්‍රියාත්මක කරනු ලබන එන්නත්කරණ වැඩසටහන තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන බවත් නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

කොවිඩ්-19 වෛරසය දිවයින පුරා ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කර ඇත.