Header

Sri Lanka Army

Defender of the Nation

24th August 2021 16:30:15 Hours

521 වන බලසේනාවේ සංවත්සරයට සමගාමීව විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙත වියළි සලාක පාර්සල් බෙදාදෙයි

521 වන බලසේනාවේ 26 වන සංවත්සරයට සමගාමීව උරික්කාඩු ගම්මානයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 50 ක් වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් එම බලසේනාවේ භටපිරිස් විසින් ඉකුත් සිකුරාදා (20) දින දියත් කරන ලදී.

ඒ අනුව, 521 වන බලසේනාවේ සහ 11 වන විජබාහු පාබල රෙජිමේන්තුවේ අනුග්‍රහය ඇතිව සහල්, පරිප්පු, සීනි, කිරිපිටි, ලුණු, තේ කොළ, ළුනු ආදිය ඇතුළත් රුපියල් 3000/= ක් පමණ වටිනාකමින් යුතු වියලි සලාක පාර්සල් මෙලෙස බෙදාදුන්හ.

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ප්‍රතිලාභින් වෙත නිවසටම ගොස් වියලි සලාක පාර්සල් බොදාදීමට භටපිරිස් විසින් කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 521 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මහේන් සල්වතුර සහ 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එන්.ආර්.එන්.ටී නිශ්ශංක ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.