Header

Sri Lanka Army

Defender of the Nation

20th August 2021 12:00:04 Hours

යුද්ධ හමුදාවේ ‘වර්ෂ 2020 – 2025 ඉදිරි උපාය මාර්ගික සැලැස්ම’ බලගන්වමින් සිදුකල ජලාශ්‍රිත පැරෂුට් පැනීම් සහිත පාඨමාලාව හැදෑරු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26 දෙනෙකු විසිර යති

යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘වර්ෂ 2020 – 2025 ඉදිරි උපාය මාර්ගික සැලැස්ම’ (Way Forward Strategy 2020 -2025) අනුව ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදා සංග්‍රාමික බලය වැඩිදියුණු කිරීමේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් මුලික පැරෂුට් හා නිදහස්ආර පැරෂුට් ආධාරයෙන් පැරෂුට් භටයින් ඡලය මතට පතිතවීමේ ප්‍රායෝගික පුහුණු පාඨමාලාව එක් නිලධාරීයෙකු සහ සෙසුනිලයින් 25 දෙනෙකුගෙන් සමන්විත ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ඒ අනුව ජලාශ්‍රිත විශේෂ පුහුණුවිම සංග්‍රාමික ගුවන්භඨ හා පාත්ෆයින්ඩර් පාඨමාලා අංක: 02 හි අවසන් අභ්‍යාසය ඉකුත් සඳුදා (23) දින කමාන්ඩෝ රෙජිමේන්තු සංග්‍රාමික කිමිදුම් කණ්ඩායම සහ විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් කණ්ඩායම එක්ව මාදුරුඔය ජලාශයේදී පවත්වන ලදී.

සති 5ක් පුරාවට පැවති මෙම පුහුණු පාඨමාලාව සඳහා සහභාගිවූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පුහුණු කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුමි කණ්ඩායම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටර් බලඝණය, කමාන්ඩෝ රෙජිමේන්තු සංග්‍රාමික කිමිදුම් කණ්ඩායම සහ විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් කණ්ඩායම විසින් ලබාදුන්හ.

එම භටපිරිස් අඩි 25,000 ඉහල අහසේ සිට ගොඩ බිමට පතිතවී ගොඩ බිමේ සංග්‍රාමික ක්‍රියාන්විත හා සම්බන්ධවීම, ප්‍රහාර දියත්කිරීම, ගුවන් සංග්‍රාමික ක්‍රියාන්විත, පැරෂුට් ආධාරයෙන් බිමට පතිතවීම ආදි පුහුණු ක්‍රියාන්විතයන් මගින් සිය පුහුණු කටයුතු සිදුකරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම පුහුණු පාඨමාලාවේදී විවිධ උපක්‍රම ඔස්සේ සතුරු භූමියට ලගාවීම, පැරෂුට් පතිත කිරීමට ප්‍රදේශ තෝරාගැනිම සහ පැරෂුට් පතිත කිරීමේ උපායමාර්ග අධ්‍යයනය කිරීම, ගුවන් පතිත ප්‍රදේශ සලකුණු කිරිම, එම පතිත ප්‍රදේශ ආරක්‍ෂා කිරිම, ගුවන්යානා හා භටපිරිස් එම පතිත ප්‍රදේශ වෙත ගෙන්වා ගැනිම, හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිම සහ එම පතිත කරන ස්ථාන සැකසිම පිළිබද පුළුල් පුහුණුවක් ලබාදෙන ලදී.

මෙම පුහුණු පාඨමාලාව කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥානරත්නගේ මඟපෙන්වීම යටතේ කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ශ්‍යාමල් සිල්වාගේ අධීක්‍ෂණය යටතේ පවත්වන ලදී.

1979 වර්ෂයේ දෙසැම්බර් මස 29 වන දින කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරි 3 දෙනෙකු සහ සෙසුනිලයින් 23 දෙනෙකු ඉන්දියාවේ අග්‍රා පැරෂූට් පුහුණු පාසලෙන් මුලික පැරෂූට් පුහුණුව ලබා විසිරයාමත් සමග ශ්‍රී ලංකාවේ පැරෂූට් පැනීම් ඉතිහාසයේ ආරම්භය සනිටුවහන් විය. එහිදි කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිර්මාතෘ වන මේජර් එස්. ඩි. පිරිස් පැරෂූට් පැනීම් සිදුකල ප්‍රථම ශ්‍රී ලාංකීය පැරෂූට් භටයා ලෙස ඉතිහාසයට එක් විය. පසුව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට පැරෂූට් පුහුණු වීම් සිදුකිරිමේ අරමුණින් 1990 ඡනවාරි මස 29 වන දින කමාන්ඩෝ සෙබලුන්ගෙන් යුත් කණ්ඩායමක් සදහා ප්‍රථම මුලික පැරෂූට් පාඨමාලාවක් ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු කදවුරේදි සාර්ථකව පවත්වන ලදි.

මෙලෙස ආරම්භ කල පැරෂූට් පුහුණූ විම් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් මුලික පැරෂුට් පාඨමාලාව, නිදහස්ආර පැරෂුට් පාඨමාලාව, එයාර් බෝන් උපදේශක හා ඡම්ප් මාස්ටර් පාඨමාලාව, පැරෂුට් එතිමේ හා නඩත්තු කිරිමේ පාඨමාලාව, සංග්‍රාමික ගුවන්භට හා පාත්ෆයින්ඩර් පාඨමාලාව හා පැරෂුට් සැබැදි සියලුම ක්‍රියාකාරකම් කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පdසල් පැරෂූට් පුහුණු අංශය වෙතින් සිදු කරනු ලබයි.