Header

Sri Lanka Army

Defender of the Nation

24th August 2021 09:56:47 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර 22 වන සේනාංකයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය 2021 අගෝස්තු මස 19 සහ 20 යන දෙදින තුළ 22 වන සේනාංකයේ සහ ඒ යටතේ පාලනය වන 221, 222 සහ 223 වන බලසේනාවන්හී සංචාරයක නිරත වූහ.

කන්තලේ, ජයන්තිගම ස්ථාපිත 222 වන බලසේනා මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කළේය. ඉන් අනතුරුව භටපිරිස් ඇමතු ආඥාපතිතුමන් අවධාරණය කර සිටියේ යුද්ධ හමුදාවේ සෑම නිලයකම විනය ඉතා ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමේ වැදගත්කම සහ රටේ පවතින වසංගත තත්ත්වය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කිරිමේ ඇති වැදගත් කමයි.

ඉන් අනතුරුව, කට්ටපරිච්චන් ප්‍රදේශයේ ස්ථාපිත 223 වන පාබල බලසේනා මූලස්ථානය වෙත සපැමිණි ආඥාපතිතුමන් 223 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් රවීන්ද්‍ර ජයසිංහ විසින් පිළිගන්නා ලදී. එහිදිද භටපිරිස් ඇමතු මේජර් ජෙනරල් චන්න වීරසූරිය ඉහත කරුණු පිළිබදව අවධාරණය කළේය.

පසුදින ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත වූ අතර එහිදි ජාතියේ අපේක්‍ෂිත අරමුණු ඉටු කර ගැනීම සඳහා රජයේ බලධාරීන් සහ ආරක්‍ෂක හමුදාව අතර ඵලදායි සන්නිවේදනයක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය පිළිබද කරුණු සාකච්ඡා කළේය.

ඉන් අනතුරුව එතුමන් කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ ස්ථාපිත ඉදිකිරීමට යෝජිත 221 වන බලසේනාව මූලස්ථානයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළේය.

මෙම සංචාරය අතුරදී, මේජර් ජෙනරල් චන්න වීරසූරිය කොවිඩ් -19 වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයින් භූමදානය කිරීම සඳහා යෝජිත සුසාන භූමි පරිශ්‍රයද පරීක්ෂා කළේය. සංචාරය සඳහා 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අළුවිහාරේ ද සහභාගී වූහ.