Header

Sri Lanka Army

Defender of the Nation

24th August 2021 11:00:47 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා භටපිරිස් හයිඩ්‍රැන්ජියා (Hydrangea) මල් වගා ව්‍යාපෘතියක් අරඹයි

1 වන ශ්‍රී යුද්ධ හමුදා පොදු සේවා බලකායේ දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත අනුකණ්ඩයේ භටපිරිස් නියමු ව්‍යාපෘතියක් ලෙස හයිඩ්‍රැන්ජියා (Hydrangea) මල් වගා කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ගරු සුජීවා නෙල්සන් මැතිණියගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ක්‍රියාත්මක කරනු ලබන මල්වගා ව්‍යාපෘතියට සමගාමීව දියතලාව 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් විසින් හයිඩ්‍රැන්ජියා (Hydrangea) මල් වගාවක් පර්යේෂණ මට්ටමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලදී.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් පාලිත හේවාවසම්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර, ව්‍යාපෘතියේ සමාරම්භක උත්සව අවස්ථාව සඳහා 1 වන ශ්‍රී ලංකා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සී.එස් දෙමුණි සහ දියතලාව අනුඛණ්ඩයේ අණදෙන නිලධාරි මේජර් ආර්.එම්.ඩී රත්නායක සහභාගී වූහ.