Header

Sri Lanka Army

Defender of the Nation

24th August 2021 12:57:47 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයක

ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක සහ ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් අශෝක පීරිස් නව ධූරයේ පත්වීම් භාරගැනීමෙන් අනතුරුව සිය ප්‍රථම සංචාරය 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත සිකුරාදා (20) දින සිදු කළේය.

2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත සපැමිණි මේජර් ජෙනරල් අශෝක පීරිස් එම බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් බී.පී උඩගේ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞවාචාරය එතුමන් වෙත පුද කළේය.

ඉන් අනතුරුව, මෙම සංචාරය සිහිවනු වස් ඒකක මූලස්ථාන පරිශ්‍රය ඉදිරිපිට ‘අඹ’ පැළයක් රෝපණය කළ මේජර් ජෙනරල් අශෝක පීරිස් සමූහ ඡායාරූපයකටද පෙනි සිටියහ.

ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් අශෝක පීරිස් සංඥා බලකා භටපිරිස්වල අනාගත කාර්යභාරයන් නිවැරදි අයුරින් සිදුකිරිමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා සිය ඉදිරි දැක්ම විස්තර කළේය.

පසුව සියලු නිල තේපැන් සංග්‍රහයකට සහභාගී වූ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක නිලධාරීන් සහ සෙසුනිලයන් සමග කෙටි පළිසඳරකද නිරත වූහ. පසුව එතුමන් 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි සමග එම ඒකකයේ නවතමයෙන් ඉදිකරන ලද තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ පුහුණු විද්‍යාගාරය විවෘත කළේය.

ඉන් අනතුරුව, 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත පැවරි ඇති කාර්යභාර්යන් පිළිබදව ශ්‍රී ලංකා සංඥා බලකායේ නව කර්නල් සේනාවිධායක දැනුවත් කළ අතර, තවද එකකයේ පරිපාලනමය හා සැපයුම් කරුණු පිළිබදව සහ සිදුකරමින් පවතින ව්‍යාපෘති මෙන්ම ඒකකයේ අනාගත අවශ්‍යතා ඇතුළු ආරක්‍ෂක සේනා මූලසථානය - නැගෙනහිර සන්නිවේදන තත්ත්වය පිළිබද කරුණු පැහැදිලි කළේය.

මේජර් ජෙනරල් අශෝක පීරිස් දළුකාණ ප්‍රදේශයේ 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය මාස 12 ක් වැනි කෙටි කාලයක් තුළ නැවත ප්‍රතිස්ථාපනය කිරිමෙන් පසු කඳවුරේ ප්‍රමිතිය මෙවැනි උසස් තත්ත්වයකට ගොඩනැගීම වෙනුවෙන් අණදෙන නිලධාරි ඇතුළු සියළුම නිලයන් විසින් ගත් උත්සහය අගය කළේය.

කඳවුරෙන් නික්මයාමට පෙර නව කර්නල් සේනාවිධායකතුමන් 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකා සමරු සටහන් පොතේ සටහනක්ද තැබීය.