Header

Sri Lanka Army

Defender of the Nation

24th August 2021 16:57:39 Hours

යුද්ධ හමුදාව සිදුකරන ජංගම එන්නත්කරණ වැඩසටහන් යාපනය සිවිල් වැසියන්ගේ පැසසුමට

ඕස්ට්‍රේලියාවේ වෙසෙන සෞඛ්‍ය වෘත්තිකයෙකු වන වෛද්‍ය උමාසුගි නඩරාජා, යාපනය අර්ධද්වීපයේ දැනට ක්‍රියාත්මක කරමින් පවතින යුද්ධ හමුදා ජංගම එන්නත්කරණ වැඩසටහන පැසසුමට ලක්කර ඇත. බොහෝ සිවිල් වැසියන් අතර ඔහුද මෙලෙස සිය අදහස් දක්වන ලදී. “නිවෙස්වල සිටින සිවිල් වැසියන් වෙනුවෙන් නිවසේ සිටම එන්නත්කරණය සිදුකිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ජංගම එන්නත්කරණ වැඩසටහන සිදු කිරීමට ගත් තීරණය මම ඇත්තටම අගය කරමි. වැඩිහිටියන්ට එන්නත් මධ්‍යස්ථාන වෙත යාමට තවෙකුගේ සහය පැතීමට සිදුවන අතර, එය ඉතා අපහසු කාර්යයකි. දිගු පෝලිම්වල මිනිසුන් නොසිටින බැවින් ආසාදන අනුපාතය වැළැක්වීමට ද මෙම වැඩසටහන උපකාරී වේ. මෙම වැඩසටහන යුද්ධ හමුදාවේ මිත්‍රශීලී ප්‍රවේශයක් බැවින් එය අපගේ ජන කොටස් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට මහත් රුකුලක් වේ”.

මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සමස්ථ සම්බන්ධිකරණ නිලධාරි ලෙස කටයුතු කරනු ලබන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු යාපනය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය එස් ශ්‍රීභවන්, රාජ්‍ය නිලධාරීන් සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදී මීට දින කිහිපයකට පෙර ආරම්භ කරන ලදී. එම අවස්ථාවේදී අදහස් දැක්වූ වෛද්‍ය ශ්‍රීභවන් මහතා යුද්ධ හමුදාව සිදුකරනු ලබන මෙම ක්‍රියාව අගයකරමින් යුද්ධ හමුදාවට සිය ස්තූතිය පුද කළේය. අනතුරුව වයෝවෘද්ධ පුද්ගලයින්ට වෛරසය ආසාදනය වීමේ ප්‍රවනතාවය වැඩිවීම හේතුවෙන් මෙම මහගු අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙම ජංගම එන්නත්කරණ ව්‍යාපෘතිය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම යටතේ යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සමස්ථ සම්බන්ධිකරණ නිලධාරි ලෙස කටයුතු කරනු ලබන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නංවන ලදී.

මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන පිළිබද බොහෝ සිවිල් වැසියන් යුද්ධ හමුදා වෙත සිය ප්‍රශංසාව පුද කරන ලදී. තවද ජංගම එන්නත්කරණ වැඩසටහන මගින් දින කිහිපයක් තුළ යාපනය අර්ධද්වීපයේ ජීවත්වන වයෝවෘද්ධ ජනතාව එන්නතකරණය කිරීමට බලාපොරොත්තු වේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, සෞඛ්‍ය පරික්‍ෂකවරු, ග්‍රාම නිලධාරි කාර්යාල සහ අදාළ වෙනත් ආයතන සමග සම්බන්ධතාවයෙන් ජංගම එන්නත්කරන වැඩසටහන් හා සම්බන්ධවීමට හැකියාව ඇත.