Header

Sri Lanka Army

Defender of the Nation

24th August 2021 08:55:47 Hours

6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් කෝවිල් පරිශ්‍රයේ දහම් අධ්‍යයන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට මුල්ගල තබයි

6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්වල තාක්‍ෂණික සහ ඉංජිනේරු දැනුම මෙන්ම ශ්‍රමදායකත්වය ඇතිව මඩකලපුව, සිංහ සමාජයේ මූල්‍ය අනුග්‍රහකත්වයෙන් වාකරේ, අම්බන්දනවේලි, භද්‍රකාලි අම්මාන් කෝවිල් පරිශ්‍රයේ දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.

233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (20) දින පැවති උත්සවයකදී කෝවිල් පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත දහම් අධ්‍යයන මධ්‍යස්ථානයට මුල්ගල තැබූහ. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 233 වන බලසේනාවේ බලසේනාධිපති සහ 233 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලබයි.

233 වන බලසේනාවේ බලසේනාධිපතිගේ ඉල්ලීමකට අනුව මඩකලපුව සිංහ සමාජය විසින් මෙහි ඉදිකිරීම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ මූල්‍ය අනුග්‍රහය දක්වන ලදී.

මෙම අවස්ථාව සඳහා පවතින සෞඛාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ සහ 6 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ආර්.එම්.ජේ.බී රණරාජ්, 233 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහ 233 වන බලසේනාවේ භටපිරිස් සහභාගී වූහ.