Header

Sri Lanka Army

Defender of the Nation

24th August 2021 16:01:15 Hours

මුලතිව් ජංගම එන්නත්කරණ වැඩසටහනට භටපිරිස්වල දායකත්වය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57,59, 64, 66 සහ 68 වන සේනාංක වල භටපිරිස් යුද්ධ හමුදා වෛද්‍ය බලකා භටපිරිස් සමඟ එක්ව ආබාධිත, අසනීප සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මෙන්ම වසය අවුරුදු 60 වැඩි වයෝවෘධ පුරවැසියන්ට පහසුකම් සැලසීම සඳහා ජංගම එන්නත්කරණ වැඩසටහනක් මුලතිව් දිස්ත්‍රීක්කයේ ඉකුත් සඳුදා (23) දින පැවැත් වූහ.

මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සමස්ථ සම්බන්ධිකරණ නිලධාරි ලෙස කටයුතු කරනු ලබන ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටියගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නංවන ලදී.

තවද, මෙම ජංගම එන්නත්කරණ වැඩ සටහන 57, 59, 64, 66 සහ 68 යන සේනාංකවල සේනාංකාධිපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ බලසේනාධිපතිවරුන්ගේද සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන ලදී.

අදාළ සහකාර ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරින්, සෞඛ්‍ය සේවකයින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හෝ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් අමතා මෙම ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන හා සම්බන්ධවීමෙන් අවශ්‍ය පුද්ගලයින්ට එන්නත් ලබාගැනීමේ හැකියාව ඇත.