Header

Sri Lanka Army

Defender of the Nation

24th August 2021 08:50:23 Hours

51 වන සේනාංකයේ 26 වන සංවත්සරය වෙනුවෙන් සෙල්වපුරම් ගම්මානයේ සිවිල් වැසියන් 300 දෙදෙනකුට දිවා ආහාර පාර්සල්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ 26 වන සංවත්සරය වෙනුවෙන් භටපිරිස් ඉකුත් ඉරිදා (22) දිනයාපනය අර්ධද්වීපයේ සෙල්වපුරම් ගම්මානයේ සිවිල් වැසියන් 300 දෙනෙකුට දිවා ආහාර පාර්සල් බෙදාදෙන ලදී.

යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර පවතින සංහිඳියාව සහ සහයෝගීතාවයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කරමින් සෙල්වපුරම් ගම්මානයේ සිවිල් වැසියන්ගේ නිවෙස් වෙතට ගොස් දිවා ආහාර පාර්සල් ලබා දුන්නේය. සෙල්වපුරම් ගම්මානයේ පිහිටි 51 වන සේනාංකය මගින් ක්‍රියාත්මක කරනු ලැබු මෙම ව්‍යාපෘතිය තුළින් පවතින නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් සැලසිණි.

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ යෝජනාවකට අනුව සංවත්සර වැඩසටහනේ තවත් එක් අංගයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලදී.