Header

Sri Lanka Army

Defender of the Nation

21st August 2021 08:00:36 Hours

511 වන බලසේනාවේ මුලිකත්වයෙන් අඩුආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකෙරේ

යාපනය, උඩුවිල් දකුණ ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් නව නිවසක් ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 511 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 9 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්වල තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් ඉදිකිරීමට කටයුතු සැලසුම් කර ඇත.

ඒ සදහා අවශ්‍ය මුල්‍යමය අනුග්‍රාහකත්වය කුබේරිය සංගමය (Kuberiya Association) ලංකා-ඇමරිකානු ධර්මදූත පල්ලිය (Ceylon-American Missionary Church) සමඟ එක්ව ලබාදෙනු ලබයි.

ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකර දීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රාහකත්වය ඇතිව දිවයින පුරා සියලුම ආරක්‍ෂක සේනා මුලස්ථාන යුද්ධ හමුදා භටපිරිස්වල තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් අඩු ආදායම්ලාභි පවුල් වෙත නව නිවාස ඉදිකරදීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, යාපනය, උඩුවිල් දකුණ ප්‍රදේශයේ පදිංචි අමිතමලර් මහේන්ද්‍රරාස මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ඇතුළු යුද්ධ හමුදා නිලධාරින් සහ පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති නව නිවසට මුල්ගල තැබිමේ උත්සවය සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ද සහභාගි විය.