20th August 2021 10:00:39 Hours
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ගැමුණු හේවා බල ඇණියෙන් බිහිවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන 56 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
මේජර් ජෙනරල් නන්දන දුනුවිල, දසක තුනකට අධික යුද්ධ හමුදා සේවා කාලය තුළ යුද්ධ හමුදාවේ ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇති අතර මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ගැමුණු හේවා බලඇණයේ අභිවෘද්ධිය උදෙසා සුවිශාල දායකත්වයක් ලබාදී ඇත.
මේජර් ජෙනරල් නන්දන දුනුවිල 56 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළ සමය තුළ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමට එරෙහිව දියත්කරනු ලැබු වැඩසටහන් සදහා දැක්වූ දායකත්වය යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි අගය කළේය.
මේජර් ජෙනරල් නන්දන දුනුවිල වඩමාරච්චි මෙහෙයුම ඇතුලු ත්‍රස්තවාදයට ඒරෙහිව පැවති ක්‍රියාන්විත රැසක් සඳහා ගැමුණු හේවා බළඇණියේ රණශූරයෙකු ලෙස සක්‍රීය දායකත්වය ලබාදී ඇත.
මේජර් ජෙනරල් නන්දන දුනුවිල මානුෂීය මෙහෙයුමේ අවසන් කාල පරිච්ඡේදයේදී 12 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි ලෙස බෙදුම්වාදී ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් මුලිනුපුටා දැමීමට දායක වූ විශිෂ්ඨ නායකත්වය විදහා පෑ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරල් නන්දන දුනුවිල සිය රාජකාරී කාල සීමාව තුළ යුද්ධ හමුදාපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම පිළිබදව සිය කෘතඥතාවය පුද කළේය.
මෙම හමුව අවසානයේ දශක තුනකට වැඩිකාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ අනගි මෙහෙවර වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත විශේෂ සමරුතිළිණයක් ද ප්‍රදානය කළේය.
මේජර් ජෙනරල් නන්දන දුනුවිල ජ්‍යෙෂ්ඨ නිලධාරී රණ බිමේ පෑ දස්කම් හා කැපවූ සේවය අගයමින් ඒතුමන් වෙත රණවික්‍රම පදක්කම සහ රණ සූර පදක්කම දෙවරක් හිමිගන්වා ඇත. තවද ඒතුමන්ගේ විශිෂ්ඨ සේවය අගයමින් උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2018 වර්ෂයේදී ගැමුණු හේවා බලඇණියේ මධ්‍යස්ථාන සේනාවිධායක ධුරයට පත් කරන ලද අතර එහිදී ගැමුණු හේවා බලඇණියේ අභිවෘද්ධිය සඳහා නව්‍ය සංකල්ප රාශියක් සමඟ විශාල සේවාවක් හෙතෙම සිදු කළේය. තවද ‘මිත්‍රශක්ති යුද අභ්‍යාසය’ සාර්ථකත්වය කරා රැගෙන ඒම සඳහාද විශාල මෙහෙවරක් සිදුකර ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදාව තුළ කැපී පෙනුණ නිලධාරියෙකි.