Header

Sri Lanka Army

Defender of the Nation

18th August 2021 16:17:27 Hours

ලෙබනනයේ එක්සත් ජාතින්ගේ සාමසාධක බලකා විසින් පැවැත්වු තරග ඉසව්වල අනුශුරතාවය ශ්‍රී ලාංකීක භටපිරිස් හිමිකරගනී

ලෙබනනයේ එක්සත් ජාතින්ගේ සාමසාධක බලකාය විසින් පළමු වරට සංවිධානය කරනු ලැබු (Steeplechase) තරගාවලියේ අනුශූරතාවය හිමිකරගැනීමට ලෙබනනයේ එක්සත් ජාතින්ගේ සාමසාධක බලකාය යටතේ සේවයේ නියුතු ශ්‍රී ලාංකීක භට කණ්ඩායම සමත්විය.

ලෙබනනයේ නකුරා ප්‍රදේශයේ පිහිටි ලෙබනනයේ එක්සත් ජාතින්ගේ සාමසාධක බලකා මුලස්ථානයේදී 2021 ජූලි මස 30 වන දින පැවති (Steeplechase) තරග ඉසව්වට ශ්‍රී ලංකා භට කණ්ඩායම නියෝජනය කරමින් සිව්දෙනෙකු සහභාගි වු අතර (Cross Fit) තරඟාවලියට ශ්‍රී ලංකා භට කණ්ඩායම නියෝජනය කරමින් දෙදෙනෙකු සහභාගි වුහ.

ලෙබනනයේ එක්සත් ජාතින්ගේ සාමසාධක බලකායේ සුභසාධන හා ක්‍රීඩා කමිටුව විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී. ලොවපුරා විවිධ රටවලින් පැමිණි සාමසාධක භටපිරිස් අතර සෞඛ්‍ය, ශාරිරික යෝග්‍යතාවය සහ සුහදත්වය වැඩිදියුනු කිරීමේ අරමුණින් පැවැති මෙම විවෘත තරඟාවලියට නාකූර් පිහිටි ලෙබනනයේ එක්සත් ජාතින්ගේ සාමසාධක බලකා මුලස්ථානයේ සියලුම භටපිරිස් සහභාගි වුහ.

තරඟාවලියේ ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට නියෝජ්‍ය ක්‍රීයාන්විත ප්‍රධානි ජැක් ක්‍රිස්ටෝෆයිඩස් මහතා (Mr Jack Christofides) බලකා නියෝජ්‍ය ආඥාපති බ්‍රිගේඩියර් ජෙනරල් ඉර්වින් නිල්-අයිටේ ආර්යතේ (Brigadier General Irvine Nil-Ayitey Aryeetey) මෙහෙයුම් සහය අධ්‍යක්‍ෂ මෙල්වා ක්‍රෝච් මහත්මිය (Ms Melva Crouch) සහ මාණ්ඩලික ප්‍රධානි බ්‍රිගේඩියර් ජෙනරල් හියුබර්ට් ගෝමාර්ට් (Brigadier General Hubert Gomart) සහභාගි වුහ.

මෙම අවස්ථාවට සහභාගි වු සියලුමදෙනාට ශ්‍රී ලාංකීය ආහාරපාන ලෙබනනයේ එක්සත් ජාතින්ගේ සාමසාධක බලකාය යටතේ සේවයේ නියිතු ශ්‍රී ලාංකීක භට කණ්ඩය විසින් ලබාදී ඇත.

අනුශුරතාවය දිනාගත් ශ්‍රී ලාංකීක භටපිරිස් පහතින් දැක්වේ.

අනුශුරතාවය - (Steeplechase) ඉසව්ව

සැරයන් ජි.පී.ජි.යු. රංජන් - ගජබා රෙජිමේන්තුව

සැරයන් කේ.එම්.පි.එච්.කේ.ආර්.එස්.පි. විජෙරත්න - කමාන්ඩෝ රෙජිමේන්තුව

ලාන්ස් කෝප්‍රල් කේ.ඒ.ඒ.එන්. ඥාණදාස - කමාන්ඩෝ රෙජිමේන්තුව

ලාන්ස් කෝප්‍රල් ඒ.ඒ.ජි.පී. අමරසිංහ - කමාන්ඩෝ රෙජිමේන්තුව

අනුශුරතාවය - බාදක දිවිමේ ඉසව්ව

සැරයන් එල්.එස්.ආර්.ඩබ්ලිව්.පි.ආර්.එස්.පී. ලක්මාල් - විශේෂ බලකාය

ලාන්ස් කෝප්‍රල් ඩි.එම්.ඒ. දීපාල් කුමාර - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව