Header

Sri Lanka Army

Defender of the Nation

18th August 2021 18:30:50 Hours

මුලතිව් භටපිරිස් පරිත්‍යාගශීන්ගේ අනුග්‍රහය ඇතිව ආබාධිත සිවිල් වැසියන්ට රෝදපුටු පරිත්‍යාග කරයි

විශ්‍රාමික යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ එක්සත් ජනපදයේ ඔහුගේ මිතුරන් පිරිසකගේ අනුග්‍රහය ඇතිව ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (17) දින මුලතිව් ප්‍රදේශයේ ආබාධිත සිවිල් වැසියන් වෙත රෝදපුටු 15 ක් පරිත්‍යාග කෙරිණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ලබාදුන් උපදෙස් මත දියත් කරනු ලැබු මෙම ව්‍යාපෘතියේදී රෝදපුටුවක් සහ වියලි සලාක පාර්සලයක් ප්‍රතිලාභියෙකුගේ නිවස වෙත ගොස් සංකේතාත්මක පරිත්‍යාග කළ අතර අනෙක් රෝදපුටු 14 තෝරාගත් ප්‍රතිලාභින් වෙත භටපිරිස් විසින් බෙදාදෙන ලදී.

මෙම මානුෂිය ව්‍යාපෘති දියත් කිරිම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරල් ආර්. රත්නසිංහම් සහ එතුමන්ගේ මිතුරන් පිරිසක් මුලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින්ගේ සහයෝගය ඇතිව මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රතිලාභින් තෝරාගන්නා ලදී.