Header

Sri Lanka Army

Defender of the Nation

19th August 2021 08:00:09 Hours

කොවිඩ්-19 වෛරසය පැතිරිම වැළැක්වීම පිළිබද 24 වන සේනාංකය විසින් මහජනතාව දැනුවත් කරයි

දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් - 19 වෛරසය පාලනය කරගැනිම සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021 අගෝස්තු මස 08 වන දින අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ජුම්මා ග්‍රෑන්ඩ් මුස්ලිම් පල්ලියේදී 24 වන සේනාංකය විසින් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චමින්ද ලමාහේවා සහ 241 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්ද්‍ර අබේකෝන් ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන්, අම්පාර මුස්ලිම් පල්ලි සම්මේලනයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය බලධාරීන් සහභාගී වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරියගේ උපදෙස් මත මෙම වැඩසටහන පවත්වන ලදී.