Header

Sri Lanka Army

Defender of the Nation

19th August 2021 10:00:09 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර සහ ඒ යටතේ ස්ථාපිත සේනාංක මුලස්ථාන කාබනික පොහොර නිෂ්පාදනය කරයි

රජයේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට ශක්තියක් ලබාදෙමින් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරියගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත සේනාංක මුලස්ථාන යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධික්‍ෂණය යටතේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරනු ලබයි.

ඒ අනුව, 2021 මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර මෙට්‍රික් ටොන් 3600 ක් නිෂ්පාදනය කිරීමට අපේක්‍ෂා කරන අතර මෙම ව්‍යාපෘතිය යටතේ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 1000 ක් පමණ මේ වනවිට නිෂ්පාදනය කර ඇත.

යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්‘ ව්‍යාපෘතියට සමගාමීව කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ කටයුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරනු ලබයි.