Header

Sri Lanka Army

Defender of the Nation

20th August 2021 08:30:10 Hours

අද (20) මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝදායන ඇදිරිනීතිය පැනවේ

පවතින කොවිඩ්-19 වෛරසය සිඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අද (20) දින රාත්‍රී 10 සිට බලපැවැත්වෙන පරිදි එලැබෙන සදුදා (30) දින අළුයම 4.00 දක්වා දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇදිරිනීතිය පනවන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි.

තවද අත්‍යවශ්‍ය සේවාවන් වන ඹෟෂධ සැල් විවෘතව තැබීම, කෘෂිකාර්මික කටයුතු පවත්වාගෙන යෑම, ඇගලුම් කර්මාන්තය, අපනයන කටයුතු ආදී කර්මාන්තයන් සහ ව්‍යාපාරයන් පවත්වාගෙන යාමට අවසර ඇති අතර එම ක්ෂේත්‍රයන් ආශ්‍රීතව රුකියාවන් හි නියුතු අයවලුන් සදහා එම රුකියා ස්ථාන වෙත ගමන් කිරිමේදී විශේෂ අවසරපතක් අවශ්‍ය නොවන අතර තම රාජකාරි හැදුනුම්පත හෝ වෙනත් වලංගු ලේඛනයක් මාර්ග බාධක වල රාජකාරි කරනු ලබන නිලධාරින් වෙත ඉදිරිපත් කිරිම මගින් බාධාවකින් තොරව ගමන් කිරිමේ හැකියාව ලැබේ.

ශ්‍රී ලංකා යුද්‍ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව මෙතෙක් කිසිදු එන්නතක් ලබානොගත් වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් මෙම නිරෝධායන ඇදිරිනීති සමය තුල ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කර ඇති බව වැඩිදුරටත් යුද හමුදාපතිතුමන් සදහන් කරයි.