Header

Sri Lanka Army

Defender of the Nation

18th August 2021 08:00:46 Hours

56 වන සේනාංකයේ භටපිරිස් පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහකත්වය ඇතිව විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට මුල්ලග තබයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයක් මත නිවාස අවශ්‍යතා සහිත සිවිල් පුරවැසියන් වෙත නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ සිවිල් - යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘතියක් වශයෙන් 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිලගේ උපදෙස් මත වවුනියාව, සින්නාදප්පන් ග්‍රාම නිලධාරි වසමේ, විඥානකුලම් ගම්මානයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම පසුගිය දිනක සිදුකරනු ලැබිණි.

සින්නාදප්පන් ග්‍රාම නිලධාරි වසමේ, විඥානකුලම් ගම්මානයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන එස්. කුමුදුනි මහත්මිය වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු 561 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.එම්.පී.එස්.බී රත්නායකගේ මඟපෙන්වීම මත 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්වල ශ්‍රමදායකත්වය, ඉංජිනේරු සහ තාක්‍ෂණික දැනුම යොදාගනිමින් ඉදි කෙරේ. 56 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලියෙකු වන අජිත් පී. රඹුක්කන මහතා විසින් මෙම නව නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රහකත්වය දක්වනු ලබයි.

නව නිවසට මුල්ගල තැබිමේ උත්සව අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල සහභාගී වූ අතර, තවද එම අවස්ථාව සඳහා 561 වන බලසේනාවේ බලසේනාධිපති, නැදුන්කර්නි, සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරි, 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.