Header

Sri Lanka Army

Defender of the Nation

18th August 2021 10:00:46 Hours

51 සේනාංකයේ භටපිරිස් කරෙයිනගර් දූපතේ සිවිල් වැසියන්ට පානීය ජලය ලබා දෙති

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සිවිල් වැසියන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ උපදෙස් පරිදි 513 බලසේනාවේ භටපිරිස්, කලාභූමි, මරුතපුරම්, කෝවලම්හි සිවිල් වැසියන් සදහා පානීය ජල පහසුකම් සපයමින් සිටිති. තවද කරෙයිනගර් දූපතේ පලවෝඩෙයි සහ පලාකඩූ ග්‍රාම නිලධාරී වසම් දැඩි නියං තත්ත්වය හේතුවෙන් යුද්ධ හමුදාව ජල බවුසර් භාවිතා කරමින් එම ජනතාව සඳහාද අවශ්‍ය පානීය ජල පහසුකම් යුද්ධ හමුදා භටපිරිස් විසින් සපයනු ලබති.

මහජනතාවගේ දැඩි ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා අගෝස්තු මස 16 සහ 17 යන දිනවල ජලය බෙදාහරිනු ලැබු අතර, 513 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පැන නැගි ඇති මෙම අවශ්‍යතාවය සපුරාලීමට භටපිරිස් ඉදිරි දින කිහිපය තුළ සූදානමින් සිටිති.

මෙම ව්‍යාපෘතිය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ උපදෙස් මත 11 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් සිදුකරනු ලබයි.