Header

Sri Lanka Army

Defender of the Nation

18th August 2021 12:00:46 Hours

පලාලි ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකය අභියසදී ඉන්දියානු යුද විරුවන් අනුස්මරණය කෙරේ

75 වන ඉන්දියානු නිදහස් දිනය නිමිත්තෙන් 2021 අගෝස්තු මස 15 දින යාපනය, පලාලි පිහිටි ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකය අභියසදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව 1987 සිට 1990 වර්ෂය දක්වා යාපනයේ පැවති ‘පවන් මෙහෙයුම’ සහ අනෙකුත් මෙහෙයුම්වලදී දිවිපිදු වීරෝදාර ඉන්දීය රණවිරුවන් අනුස්මරණය කරන ලදී.

මෙම රණවිරු සැමරුම් උත්සවයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සමග යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනරාල් ශ්‍රී රාකේෂ් නට්රාජ් මහතා ඉන්දීය රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහාර පුද කරමින් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහි කළහ.

මෙම සැමරුම් උත්සවය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලය සමග එක්ව සංවිධානය කරන ලදී.