Header

Sri Lanka Army

Defender of the Nation

17th August 2021 22:00:43 Hours

11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් අයගම සිට කලවාන දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වීජේසුන්දර වෙත ලබාදුන් උපදෙස් මත රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මාර්ග කිලෝමීටර් 100,000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික ව්‍යාපෘතියට සමගාමීව 11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අයගම සිට කලවාන දක්වා මාර්ගයේ කිලෝමීටර් 16.5 ක් සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරමින් පවතී.

රුපියල් මිලියන 209 ක් ඇස්තමේන්තු ගත කරන ලද මෙම ව්‍යාපෘතිය යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරුද්ධ සෙනවිරත්නගේ පූර්ණ අධීක්ෂණය යටතේ 2020 අගෝස්තු මාසයේදී ආරම්භ කෙරිණි. එම ව්‍යාපෘතියේ 1 වන අදියර සහ 2 වන අදියර 2021 මැයි මාසයේදී ආරම්භ කරන ලද අතර මාර්ග සංවර්ධන අධිකාරියේ උපදෙස් මත මේ වනවිට ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුකරනු ලබයි.

මහජනතාවගේ එදිනදා ගමනාගමන කටයුතු සිදුකර ගැනීමට අපහසුව අබලන්ව පැවති මෙම මාර්ගය අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘ගම සමඟ පිළිසඳරක්‘ වැඩසටහනේදී ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.