Header

Sri Lanka Army

Defender of the Nation

17th August 2021 19:00:43 Hours

කොවිඩ්-19 වෛරසය පිළිබද යාපනයේ ජනතාව දැනුවත් කෙරේ

යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය පැතිරිම පාලනය කිරිමේ දිස්ත්‍රික් සම්බන්ධිකාරක මෙන්ම ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ උපදෙස් මත කොවිඩ්-19 වෛරසයෙන් ආරක්‍ෂාවීම සඳහා ගතයුතු පියවරයන් පිළිබද යාපනය අර්ධද්වීපයේ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසහනක් 51, 52 සහ 55 වන සේනාංකවල භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (14) දින ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහනේදී, කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මුඛ ආවරණ නිසි ලෙස පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, කොවිඩ්-19 වෛරසයයේ රෝග ලක්‍ෂණ ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කරන ලදී.

ඒ අනුව, මේවැනි මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදීද පැවැත්වීමට නියමිතව ඇත.