Header

Sri Lanka Army

Defender of the Nation

17th August 2021 21:00:43 Hours

කොවිඩ්-19 වෛරසය ආසාදිත රොගින්ට ප්‍රතිකාර කිරිම සඳහා තවත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කෙරේ

කොවිඩ්-19 වෛරසය ආසාධිත රෝගින්ට ප්‍රතිකාර කිරිම සඳහා බදුල්ල, බිදුණුවැව යොවුන් සේනාංක මධ්‍යස්ථානය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කර පසුගිය බ්‍රහස්පතින්දා (12) දින ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ විසින් සෞඛ්‍ය බලධාරින් වෙත භාරදුන්නේය.

112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායකගේ පූර්ණ අධ්‍යක්‍ෂණය යටතේ මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් විසින් රෝගින් 311 දෙනෙකුට ප්‍රතිකාර සිදුකල හැකි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉතා කෙටි කාලයක් තුළ ස්ථාපිත කරන ලදී.

මධ්‍යම පළාතේ කොවිඩ්-19 වෛරසය ආසාධිත රෝගින්ට ප්‍රතිකාර සිදුකිරිම සඳහා අවශ්‍ය ඇදන්, මෙට්ට සහ කොට්ට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ලබාදුන්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මත 112 වන බලසේනාවේ භටපිරිස් සති කිහිපයත් ඇතුලත මෙම මධ්‍යස්ථානය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය කිරිමට කඩිනමින් පියවර ගත්හ.