Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2021 22:00:08 Hours

වත්කම් කළමණාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ වත්කම් කළමණාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 18 වන අධ්‍යක්‍ෂ ලෙස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ජානක ප්‍රියදර්ශන පසුගිය බ්‍රහස්පතින්දා (12) දින රාජකාරි භාරගත්තේය.

බ්‍රිගේඩියර් ජානක ප්‍රියදර්ශන ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය. මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි කළ බ්‍රිගේඩියර් එස්. කස්තුරිමුදලි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ පාඨමාලාවක් හැදෑරීම සඳහා තේරීපත් විය.

මෙම අවස්ථාවට වත්කම් කළමණාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසු නිලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සහභාගී වූහ. බ්‍රිගේඩියර් ජානක ප්‍රියදර්ශන මෙම ධුරයේ රාජකාරි භාරගැනීමට පෙර යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළේය.