Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2021 21:00:08 Hours

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 9 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ පසුගිය බදාදා (11) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව සේනාවිධායක එම මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.

පසුව, බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්තේය. මෙම අවස්ථාව සඳහා එම පුහුණු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද සහභාගී වූහ. ඉන් අනතුරුව, හෙතෙම හමුදා සම්ප්‍රදායානුකූලව නිලධාරින් සහ සෙසුනිලයින් ඇමතුවේය. පසුව, මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

මෙම උත්සවය සඳහා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.