Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2021 23:00:08 Hours

බස්නාහිර පළාතේ දැඩි අවශ්‍යතා සහිත රෝහල් සඳහා යුද්ධ හමුදාවෙන් ඔක්සිජන් සාන්ද්‍රක ‘Oxygen Concentratos’ යන්ත්‍ර 16 ක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය සිකුරාදා (13) දින කොවිඩ් - 19 වෛරසය ආසාදිතව බරපතල තත්ත්වයේ පෙළෙන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතා කිරීමට ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 16 ක් බෙදාදෙනු ලැබීය. ඒ අනුව, කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල - කළුබෝවිල, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල - රාගම සහ ගම්පහ මූලික රෝහල වෙත එම යන්ත්‍ර 16 බෙදාදෙන ලදී.

එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඕ.එම්.ඩී. ගුණසිංහ විසින් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික‍්‍රමසිංහ මහතා වෙත ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 04 ක්, කළුබෝවිල පිහිටි දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සාගරිකා සිරිවන්දෙණිය මහත්මිය වෙත ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 04 ක්, රාගම පිහිටි උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය රණවීර මහතා වෙත ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 04 ක් සහ ගම්පහ දිස්ත්‍රීක් මහ රෝහල් නිලධාරිනි ටී.එච්. උමේෂා මහත්මිය වෙත ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 04 ක් බෙදාදෙනු ලැබීය. බස්නාහිර පළාතේ දැඩි අවශ්‍යතා සහිත රෝහල් සඳහා යුද්ධ හමුදාවෙන් ඔක්සිජන් සාන්ද්‍රක ‘Oxygen Concentratos’ යන්ත්‍ර 16 ක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය සිකුරාදා (13) දින කොවිඩ් - 19 වෛරසය ආසාදිතව බරපතල තත්ත්වයේ පෙළෙන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතා කිරීමට ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 16 ක් බෙදාදෙනු ලැබීය. ඒ අනුව, කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල - කළුබෝවිල, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල - රාගම සහ ගම්පහ මූලික රෝහල වෙත එම යන්ත්‍ර 16 බෙදාදෙන ලදී.

එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඕ.එම්.ඩී. ගුණසිංහ විසින් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික‍්‍රමසිංහ මහතා වෙත ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 04 ක්, කළුබෝවිල පිහිටි දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සාගරිකා සිරිවන්දෙණිය මහත්මිය වෙත ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 04 ක්, රාගම පිහිටි උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය රණවීර මහතා වෙත ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 04 ක් සහ ගම්පහ දිස්ත්‍රීක් මහ රෝහල් නිලධාරිනි ටී.එච්. උමේෂා මහත්මිය වෙත ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 04 ක් බෙදාදෙනු ලැබීය.