13th August 2021 22:30:08 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ නව කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියන්ත වීරසිංහ දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මුලස්ථානයේදී පසුගිය අඟහරුවාදා (10) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කළේය. හෙතෙම යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ ලෙස ද කටයුතු කරයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මුලස්ථානය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධයක බ්‍රිගේඩියර් ප්‍රියන්ත වීරසිංහ උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව එම බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ.
ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් ප්‍රියන්ත වීරසිංහ සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයට අත්සන් තබමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා නව සේනාවිධායක ධූරයේ රාජකාරී අරම්භ කළේය.
මීට පෙර මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් චන්දන මාරසිංහ විශ්‍රාම යෑමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ප්‍රියන්ත වීරසිංහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ 24 වන කර්නල් සේනාවිධායක ලෙස තේරීපත්විය.