13th August 2021 13:00:33 Hours
වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සමස්ථ සම්බන්ධිකරණ නිලධාරි ලෙස කටයුතු කරනු ලබන ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2021 අගෝස්තු මස 09 දින වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා තවත් එක් සම්බන්ධීකරණ සාකච්ඡාවක් පැවැත්වීය. එම අවස්ථාවට වවුනියාව දිස්ත්‍රික් ලේකම් (වැඩබලන) ටී. තිරේෂ් කුමාර මහතා, වවුනියාව කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති, කලාප සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ සහ තවත් රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සහභාගී වූහ.
එම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරින්, පොලිස් නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින් සමඟ සාකච්ඡා කර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නිසි යාන්ත්‍රණයක් සකස් කරගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වන ලදී. ප්‍රජාව අතර සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ වැදගත්කම පිළිබඳව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය මහේන්ද්‍රන් මහතා එහිදී කරුණු අවධාරණය කළේය. ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ වැදගත්කම සහ එම මාර්ගෝපදේශ තවදුරටත් පිළිපැදීමේ අවශ්‍යතාවය පිළිබඳව කරුණු පැහැදිලි කරන ලදී.
දැනට පවතින අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහයෝගය ද ලබාගැනීමට කටයුතු කරනු ලබයි.