Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2021 14:00:33 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම 12 වන සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත බලසේනාවල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස පසුගිය දා රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් විකුම් ලියනගේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරත වූවේය. ඒ අනුව, අගෝස්තු මස 9 සිට 11 දින දක්වා කාලය තුල 12 වන සේනාංක මූලස්ථානය, 121 සහ 122 වන බලසේනා මූලස්ථාන, 23 වන ගජබා රෙජිමේන්තුව, 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව, 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 18 වන ගැමුණු හේවා බලකායේ සංචාරයක නිරත වූයේය.

මෙම සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් 12 වන සේනාංක මූලස්ථානයේ සංචාරයේ නිරත මේජර් ජෙනරල් විකුම් ලියනගේ එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක විසින් පිළිගනු ලැබූ අතර 121 සහ 122 වන බලසේනාවන්හිදී එම බලසේනාවල බලසේනාධිපතිවරුන් විසින් එතුමන් වෙත උණුසුම් පිළිගැනීමක් ලබාදුන්හ.

මෙම සංචාරය අතරතුර ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම කිරිවෙහෙර සහ කතරගම යන සිද්ධස්ථාන වැඳපුදාගැනීමට ද කටයුතු කළේය.

මෙම සංචාරයන් සඳහා 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උදය සේරසිංහ, 122 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක පල්ලේකුඹුර ඇතුලු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.