Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2021 19:00:08 Hours

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ තවත් පුද්ගලයින් 350 කට දෙවන මාත්‍රාව ලබාදෙයි

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ගුරු ප්‍රජාව එන්නත්කරණය කිරිමේ වැඩසටහනක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයට ලබාදුන් උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබු අතර එහි දෙවන මාත්‍රාව ඉකුත් සිකුරාදා (13) දින අධ්‍යාපන වෘත්තිකයින්, ගුරුභවතුන් අධ්‍යාපන පරිපාලකයින් සහ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යමණ්ඩලයේ 350 කට පමණ එන්නත්කරණය සිදුකරන ලදී.

වෛද්‍යවරුන්, හෙදියන් සහ අතුරු වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් සමන්විත යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම් සති කිහිපයකට පෙර මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරනු ලැබු අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය, වසංගත රෝග විද්‍යා ඒකකය සහ අනෙකුත් අදාළ අංශ සමඟ සාකච්ඡා කිරිමෙන් අනතුරුව ඔවුන්ගෙන් ලද උපදෙස් පරිදි ගුරු මණ්ඩලයට එන්නත් ලබාදීම අඛණ්ඩව සිදු කෙරේ.

අධ්‍යාපන වෘත්තිකයින්, ගුරුභවතුන්, අධ්‍යාපන පරිපාලකයින් සහ පාසල් විෂයමාලා සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම මෙන්ම අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තීන් හා පර්යේෂණ පැවැත්වීම යන කරුණු පිළිබඳ වගකීම දරණ ජාතික අධ්‍යාපන ආයතනය යනු රටේ ඉගැන්වීමේ මොඩියුල, අධ්‍යාපන මොඩියුල සහ අනෙකුත් සියලුම අධ්‍යයන පුහුණු වැඩසටහන් වලට අදාළ කරුණු පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයට උපදෙස් දීම සඳහා ස්ථාපනය කරන ලද ආයතනයයි.