Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2021 08:00:33 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද මේජර් ජෙනරල් අනිල් සමරසිරි වෙත 65 වන සේනාංකයේ ගෞරවාචාරය

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි වෙත ගෞරවාචාර පුද කිරිමේ උත්සවයක් ඉකුත් සදුදා (9) දින ආලන්කුලම ප්‍රදේශයේ ස්ථාපිත 65 වන සේනාංක මූලස්ථාන පරීශ්‍රයේදී පවත්වන ලදී.

65 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් අනිල් සමරසිරි වෙත ප්‍රධාන දොරටුව අභියසදී 24 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කරන ලදී. ඉන් අනතුරුව 65 වන සේනාංකයේ සරඹ භූමියේදී 10 සහ 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්ගෙන් සැදුම්ලත් වර්ණවත් පෙළපාලියකින් සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුද කළේය.

ඉන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී වූ මේජර් ජෙනරල් අනිල් සමරසිරි එම අවස්ථාවට සහභාගී වූ නිලධාරීන් සහ භටපිරිස් සමග සුහද පිළිසඳරකද නිරත වූහ.

මෙම අවස්ථාව සඳහා 65 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින් සහ සෙසු නිලයින් කොවිඩ් - 19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.