13th August 2021 09:00:33 Hours
පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ජෙනරල් ලෙස රාජකාරී ඉටුකර සිය ධුරයෙන් නික්ම මේජර් ජෙනරල් ශීරාන් අබේසේකර වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (30) දින වත්තල පිහිටි පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී පැවැත්විණි.
එම පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.
ගෞරවාචාර පුදකිරිමේ අවස්ථාවෙන් අනතුරුව භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර සියළු නිල තේ පැන් සංග්‍රහයකට ද එක්වූවේය. මෙම වැඩසටහන පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වන ලදී.
මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.
මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර මේ වනවිට යුද්ධ හමුදා මූලස්ථානයේ මූල්‍ය කළමණාකරන අධ්‍යක්‍ෂ ධුරයට පත්කර ඇත.