Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2021 11:00:33 Hours

නව ආධුනිකයින් බඳවාගැනීමේ අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

කොහුවල පිහිටි ආධුනිකයින් බඳවාගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 26 වන අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ජනක විමලරත්න පසුගිය සඳුදා (09) දින සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශවලට අනුකූලව පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

ආගමික වතාවත් වලින් අනතුරුව, බ්‍රිගේඩියර් ජනක විමලරත්න සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය. මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.

මීට පෙර ආධුනිකයින් බඳවාගැනීමේ අධ්‍යක්‍ෂ ලෙස මේජර් ජෙනරල් මිහිඳු පෙරේරා කටයුතු කළ අතර මෙම ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට පෙර බ්‍රිගේඩියර් ජනක විමලරත්න 241 වන බලසේනාවේ බලසේනාධිපති වශයෙන් රාජකාරි ඉටුකරන ලදී.