Header

Sri Lanka Army

Defender of the Nation

13th August 2021 12:00:33 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 33 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් මංජුල කාරියවසම් පසුගිය අඟහරුවාදා (10) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.  

ආගමික වතාවත් වලින් අනතුරුව බ්‍රිගේඩියර් මංජුල කාරියවසම් නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. මීට පෙර හෙතෙම ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක ධුරය හොබවන ලදී.  

මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසු නිලයින් කිහිපදෙනෙකු සෞඛ්‍ය මාරගෝපදේශ වලට අනුකූලව සහභාගී වූහ. මීට පෙර මෙම ධූරයේ රාජකාරි හෙබවූ බ්‍රිගේඩියර් මනද යහම්පත් පාකිස්තානයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් හැදෑරීම සඳහා තේරිපත් විය.