Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2021 14:00:16 Hours

551 වන බලසේනාවේ භටපිරිස් පේදුරුතුඩුව ප්‍රදේශය විෂබීජහරණය කරති

පේදුරුතුඩුව නගරය කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් දින 14 ක කාලයක් හුදකලා කර නැවත එම හුදකලාබව ඉවත් කිරීමෙන් අනතුරුව මහජනතාවගේ අවශ්‍යතා ඉටුකරගැනීමට නගරයට පැමිණීමට අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත වාතාවරණය සැකසීම සඳහා 551 වන බලසේනාවේ භටපිරිස් විසින් පේදුරුතුඩුව නගරය විෂබීජහරණය කළහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහ 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ගේ උපදෙස් සහ 551 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ මෙම විෂබීජහරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, 16 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පේදුරුතුඩුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරින් සමඟ එක්ව පේදුරුතුඩුව නගරයේ බස් නැවතුම්පල, පොදු වෙළඳපොල, ත්‍රීරෝද රථ නැවතුම්පල සහ මාළු වෙළඳපොල ආදී බහුලව ජනතාව ගැවසෙන ස්ථාන පිරිසිදු කර විෂබීජහරණය කළහ.