Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2021 15:30:16 Hours

59 වන සේනාංකය වෙතින් කල්ලපාඩු ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පාසලක සිසුවෙකුට ශිෂ්‍යත්වයක් පිරිනමයි

59 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 591 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව පෙරේරාගේ ඉල්ලීමකට අනුව මුලතිව් රතුකුරුස සංවිධානයේ දිස්ත්‍රික් කළමණාකාරතුමන් විසින් පසුගිය ජූලි මස 27 දින අවශ්‍යතා සහිත පාසල් සිසුවෙකු වෙත ශිෂ්‍යත්ව පිරිනමන ලදී. මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන 591 වන බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙම ශිෂ්‍යත්වය කල්ලපාඩු ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක ඉගෙනීමට දස්කම් දක්වන පාසල් සිසුවෙකු වෙත පිරිනමන ලදී.

මෙම අවස්ථාව සඳහා මුලතිව් දිස්ත්‍රික්කයේ රතු කුරුස සංවිධානයේ කළමණාකරු නිදර්ෂන් මහතා, 591 වන බලසේනාවේ බලසේනාධිපති, 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින් සහ සිවිල් සම්බන්ධීකරණ නිලධාරින් සහභාගී වූහ.