Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2021 15:34:05 Hours

මහජනාතාවට එන්නත්කරණය සිදුකිරීම සඳහා පනාගොඩ එන්නත් කිරීමේ මධ්‍යස්ථානය ඇතුළු දීප ව්‍යාප්තව එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මකව පවති

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපාගේ අධීක්‍ෂණය යටතේ පවතින කොවිඩ්-19 වෛරස් තත්ත්වය හේතුවෙන් මහජනතාවට එන්නත්කරණය සිදුකිරිමේ වැඩසටහනක් ඉකුත් සදුදා (09) දින කොළඹ පනාගොඩ බෝධිරාජාරාමයේ පිහිටි යුද හමුදා එන්නත්කරණ මධ්‍යස්ථාන‍යේදී ක්‍රියාත්මක කරන ලදී.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම යටතේ, ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් මත යුද හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කර්නල් සවීන් සේමගේ ගේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය භටපිරිස් විසින් සයිනෝෆාම් එන්නතේ සහ ඇස්ට්‍රාසෙනිකා (කොවිෂීල්ඩ්) එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ජනාධිපති කාර්ය සාධක බලකාය සමග පැවති සාකච්ඡාවකදී අතිගරු ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් මත විශේෂ ආබාධ සහිත සහ වයස්ගත පුද්ගලයින් මෙන්ම විවිධ රෝග තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයින් සඳහා ප්‍රමුඛත්වයක් මත එන්නත්කරණය සිදුකරනු ලබයි.

එසේම, යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන දීපව්‍යාප්ත එන්නත්කරණ මධ්‍යස්ථානවල එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර විහාර මහා දේවී උද්‍යානයේ සහ දියත උයන යන එන්නත්කරණ මධ්‍යස්ථානවල පැය 24 පුරා එන්නත්කරණය සිදුකරනු ලබයි.