Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2021 07:00:46 Hours

යුද්ධ හමුදා භටපිරිස් කෝවිල් පරිශ්‍ර පිරිසිදු කරති

12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඇවලෝන් පුද්ගලික සමාගමේ සේවකයින් සමඟ එක්ව වට්ටප්පලෙයි කන්නකි අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.

මෙම ශ්‍රමදාන වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටියගේ මඟපෙන්වීම යටතේ 59 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 591 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව පෙරේරාගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සහභාගී වූ එම ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් ද යුද්ධ හමුදා භටපිරිස් වෙත සිය සහයෝගය ලබාදුන්හ.