Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2021 10:17:46 Hours

යුද්ධ හමුදා භටපිරිස් තවත් කිලෝමීටර් 4.3 ක මාර්ගයක් සංවර්ධනය කරයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම මත ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර හා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන විජේසුන්දරගේ අධීක්‍ෂණය යටතේ බටහේන සිට මිල්ලගහවිට ගම්මානය දක්වා දිවෙන කිලෝමීටර් 4.3 ක පමණ මාර්ගය ඉංජිනේරු සේනාංකයේ භටපිරිස් විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙම ව්‍යාපෘතිය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කිලෝමීටර් 100,000 යේ මාර්ග සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.

ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 2.7 ක් වන අතර පොදු කාර්ය ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අසංක පෙරේරාගේ අධික්‍ෂණය යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. යුද්ධ හමුදා භටපිරිස් මාර්ගය දෙපස පිහිටි පස් සහ කළුගල් ඉවත් කොට මාර්ගය පුළුල්කර සංවර්ධනය කිරීමේ කටයුතු සිදුකරමින් පවති.

මෙම මාර්ගයන් පුළුල් කිරීම තුලින් වාහන දෙකක් එකිනෙකට විරුද්ධ දිශාවන්ට මාරුවීම හා ධාවනය කිරීමේ හැකියාව සැලසෙන බැවින් මහ ජනතාවට එය බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම ව්‍යාපෘතිය 2020 වර්ෂය අවසානයේ ආරම්භ කරන ලදී.