Header

Sri Lanka Army

Defender of the Nation

10th August 2021 08:00:46 Hours

කරාපිටිය රෝහලේ වාට්ටුවක් කොවිඩ් - 19 ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා වැඩිදියුණු කරයි

ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ වැඩිවීම හේතුවෙන් 61 වන සේනාංකය යටතේ ස්ථාපිත 14 වන ගැමුණු හේවා බලකාය සහ ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් එක්ව කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වාට්ටුවක් කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වැඩිදියුණු කරන ලදී.

මෙම නව වාට්ටුව ඇඳන් 120 කින් සමන්විත වන අතර භටපිරිස් විසින් එම වාට්ටුව පිරිසිදු කර තීන්ත ආලේප කර දින 2 - 3 ක් තුළ නව වාට්ටුවක් බවට වැඩිදියුණු කරන ලදී. මෙම නව වාට්ටුව පසුගිය බ්‍රහස්පතින්දා (5) දින රෝහල් බලධාරීන් වෙත භාරදුන්හ.

මේ අතර, 61 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 613 වන බලසේනාවේ බලසේනාධිපතිගේ සම්බන්ධිකරණයෙන් එම වාට්ටුවේ ප්‍රතිකාර ලබන කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා ඇඳ ඇතිරිලි 100 ක් පරිත්‍යාග කළහ.

ආරක්‍ෂක සේනා ආඥාපති -බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ සහ 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ ලබාදෙන ලදී.