Header

Sri Lanka Army

Defender of the Nation

08th August 2021 11:31:57 Hours

යුද්ධ හමුදා භටපිරිස් තවත් ලැව්ගින්නක් නිවාදමති

වියළි කාලගුණය හේතුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන, කලවෙලරගම වනාන්තරයේ පසුගිය බදාදා (04) දින හටගත් ලැව් ගින්න පිළිබඳ සැලවූ විගස යුහුසුළුව ක්‍රියාත්මක වූ 121 වන බලසේනාවේ භටපිරිස් එම ගින්න නිවා දැමීමට සමත් වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, 12 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 121 වන බලසේනාවේ බලසේනාධිපති ගේ උපදෙස් හා මගපෙන්වීම මත යුද්ධ හමුදා භටපිරිස් මෙම ලැව්ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.