Header

Sri Lanka Army

Defender of the Nation

08th August 2021 14:30:33 Hours

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්නගේ ගුණ සැමරෙයි

දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්නගේ 29 වන අනුස්මරණ දිනය ඉකුත් ඉරිදා (08) දිනට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක සහ ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම ඇතුළු ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු සහ රෙජිමේන්තු සැරයන් මේජර් එක්ව සාලියපුර පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර පුදකළහ.

මෙම සැමරුම් උත්සවයේදී අරාලි තුඩුවේදී දේශය වෙනුවෙන් දිවිපිදු කර්නල් වයි.එම් පලීපාන වීරෝධාර රණවිරුවාගේද ගුණානුස්මරණය සිදුකරන ලදී.

ගජබා රෙජිමේන්තුවේ හා විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත මේජර් ජෙනරල් විජය විමලරත්නගේ උපන් ගම වන කිරිබත්ගොඩදී 12 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්වල සහභාගිත්වයෙන් තවත් සැමරුම් උත්සවයක් සංවිධානය කරන ලදී. කිරිබත්ගොඩදී පැවති පුෂ්පෝපහාර උත්සවය සඳහා ගමන් හා පාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ලාල් විජේතුංග, යුද්ධ හමුදා මූලස්ථානයේ කළමණාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජූඩ් පෙරේරා සහ 12 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ආර්. මාකවිට සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සහභාගී වූහ.