Header

Sri Lanka Army

Defender of the Nation

08th August 2021 14:45:50 Hours

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ අනුස්මරණය කරමින් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ගුණ සැමරුම් උත්සවයක්

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන මේජර් ජෙනරල් විජය විමලරත්නගේ ගුණ සැමරීම සහ එතුමන් වෙනුවෙන් පිං අනුමෝදන් කිරිමේ උත්සවයක් ඉකිරිගොල්ලෑව රජමහා විහාරස්ථානයේ සහ මාන්කඩවල රජමහා විහාරස්ථානයේ වැඩවසන මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ඉකුත් ඉරිදා (08) දින ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදී.

ගජබා රෙජිමේන්තුවේ අභිත සෙන්පතියන් වූ මේජර් ජෙනරල් විජය විමලරත්න සහ කර්නල් වයි.එම් පලීපාන මෙන්ම යුද ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු තවත් රණවිරුවන් පිරිසක් යාපනය, කයිට්ස්, අරාලි තුඩුවේදී සිය දේශය වෙනුවෙන් දිවිපිදූහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ මෙන්ම විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත එම අමරණිය විරුවන්ගේ 29 වන ගුණ අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ වැඩසටහන් අතරින් තවත් එක් වැඩසටහනක් ලෙස මෙම පුණ්‍යානුමෝදනාව සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම, මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු සහ තවත් එම රෙජිමේන්තුවේ සාමාජිකයින් කිහිපදෙනෙකු සහභාගී වූහ. මෙම වැඩසටහන දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වනු ලැබූහ.